ජල මෝටරයක් මිල දී ගන්නා මුවාවෙන් ලක්ෂ 05කට විද්ද සිව්දෙනෙක් මාට්ටු

බැංකු ගිණුමක තිබූ රුපියල් 569,610 (පන් ලක්ෂ හැටනව දහස් හයසිය දහය) ක මුදලක් වංචා කිරීම සම්බන්ධව පසුගිය වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් මඟින් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඊයේ (14) දින, එම විමර්ශන නිලධාරින් විසින් මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනාවලට සම්බන්ධ සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් මුරුතලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

වෙබ් අඩවියක පල කර තිබූ ජල මෝටරයක් විකිණීමට අදාළ දැන්වීමක් අනුව සැකකරුවන් විසින් එය මිලදී ගන්නා බවට හඟවමින් විකුණුම්කරුට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන මුවාවෙන් ඔහුගේ බැංකු ගිණුමට සම්බන්ධිත OTP අංකය ලබාගෙන මෙම මුදල් වංචා කිරීම සිදුකර ඇති බවට සිදු කරන ලද විමර්ශයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අද (15) වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ඒකකයේ පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36