නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව, මාවී ඇල මාර්ගයේ අලහිටියාව ප්‍රදේශයේ දී ලොරි රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක හා බෝක්කුවක ගැටී පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
අද (12) අලුයම් කාලයේ සිදුවූ මෙම අනතුරෙන් ලොරි රථයේ පිටුපස ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම ලොරි රථයටම යට වී බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 26 සහ 29 යන වයස්වල පසු වූ වව්නියාව හා නෙදුන්කේනි යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





