වයස අවුරුදු 1යි මාස 08ක කුඩා දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ චූදිතයෙක්ට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (10) නියම කර තිබෙනවා.
මෙලෙස දඬුවම් නියම වූ යේ අක්මීමණ කාසල්වත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුටයි.
චෝදනා දෙකකට වරදකරුවීම නිසා මහාධිකරණය මෙම දඩුවම නියමකර තිබෙනවා.
පළමුවන චෝදනාවට වසර 03 ක සහ දෙවන චෝදනාවට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ..
2018 වසරේ අක්මීමන පොලිස් වසමේ කාසල් වත්ත ප්‍රදේශයේදී සැකකරු විසින් අසල්වාසි නිවසක සිය මව සමග නිවසේ සිටියදි මෙම කුඩා දැරියට යමක් අරන් දීමට කඩයකට රැගෙන යන බව යැයි පවසා බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙම අතවරය සිදුකර තිබෙන බව නඩු විභාගයේ දී හෙළිව තිබෙන්නේ.
චූදිතයාට සිර දඬුවමට අමතරව පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත්කර තිබුණා..




