පුංචි මල් කැකුළක් විනාශ කළ 65 හැවිරිදි අයෙක් වසර 15කට ඇතුළට

වයස අවුරුදු 1යි මාස 08ක කුඩා දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදුකළ චූදිතයෙක්ට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ඊයේ (10) නියම කර තිබෙනවා.

මෙලෙස දඬුවම් නියම වූ යේ අක්මීමණ කාසල්වත්ත ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකුටයි.

චෝදනා දෙකකට වරදකරුවීම නිසා මහාධිකරණය මෙම දඩුවම නියමකර තිබෙනවා.

පළමුවන චෝදනාවට වසර 03 ක සහ දෙවන චෝදනාවට වසර 12ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ..

2018 වසරේ අක්මීමන පොලිස් වසමේ කාසල් වත්ත ප්‍රදේශයේදී සැකකරු විසින් අසල්වාසි නිවසක සිය මව සමග නිවසේ සිටියදි මෙම කුඩා දැරියට යමක් අරන් දීමට කඩයකට රැගෙන යන බව යැයි පවසා බලහත්කාරයෙන් රැගෙන ගොස් මෙම අතවරය සිදුකර තිබෙන බව නඩු විභාගයේ දී හෙළිව තිබෙන්නේ.

චූදිතයාට සිර දඬුවමට අමතරව පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත්කර තිබුණා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුවත් එක්ක කාටත් කුමන්ත්‍රණ කරන්න බෑ
02:31
Video thumbnail
මේ වගේ මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා
00:48
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54