පාසල් පද්ධතියේ ඉහළ පන්තිවල 24%කට විශාදයේ ලක්ෂණ

ලෝකයේ සෑම වැඩිහිටියන් 04 දෙකුගෙන් එක් අයෙක්ට මානසික ගැටලුකාරී තත්ත්වයක් තියෙන බවත් සෑම ළමුන් 05 දෙනෙක්ගෙන් එක් අයෙක්ට මානසික ගැටලු තත්ත්වයක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයන්ගෙන් ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ගෙන් 24%කට විශාදය ලක්ෂණ තිබෙන බවත් 60%ක් මානසික පීඩනයෙන් පෙළෙන බව පසුගිය අවුරුදු වල කැලණිය විශ්ව විද්‍යාලය සහ මොනෑෂ් සරසවිය එක්ව සිදුකළ පරීක්ෂණයකින් හෙළි වී තිබෙන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පවසනවා.

අද (10) දිනට දී තිබෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය පිළිබද දැනුවත් කිරීමකට එක්වෙමින් ඔහු මේ බව පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අධ්‍යාපනය පිළිබඳ තිබෙන පීඩනය, නිවසේ දෙමාපියන් සමඟ තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතයේ සහ සිදුන්ට ඇතිවන ශාරීරික හා මානසික පීඩාවන නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 19%කට විශාදය නැමැති ලක්ෂණ තිබෙන බවත් එමඟින් පෙනී යන්නේ ජනගහනයෙන් සෑහෙන කොටසකට මනෝ වෛද්‍ය ගැටලු පවතිනවා යැයි යන්න බවද ඔහු සඳහන්කර සිටියා.

මානසික සෞඛ්‍ය නියමිත ආකාරයෙන් රැකගැනීමට නම් පැය 06ක හෝ හතක සුව නින්දක් අවශ්‍ය බවත්, තරුණ සහ වැඩිහිටි සියලුම දෙනා මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් වැලකී සිටිය යුතු බවත් මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙනවා.

සංශෝධනය වන කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34