යුද හමුදා සංවත්සර දිනයට සමගාමීව මාතෘ භූමියේ වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට පුෂ්පෝපහාර

76 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව, මියගිය රණවිරුවන් කළ අතිමහත් කැපකිරීම් හා ජීවිත පරිත්‍යාගයන් සිහිපත් කරමින් 2025 ඔක්තෝබර් මස 08 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකයේදී රණවිරු සැමරුම් උත්සවයක් පැවැත්වුණා.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී වී තිබෙනවා.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමා ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මාතෘභූමියට සාමය උදාකිරීම සඳහා ජීවිත පරිත්‍යාග කරන ලද විරෝධාර රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝහාර පුදකළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?