ශානි ඇතුළු සී.අයි.ඩීයේ තිදෙනෙකුගේ පෙත්සම් විභාගයට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩින්ඩ්ස් සහ එච්.ඩී.එම්. ප්‍රේමතිලක යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) අවසර ලබා දී තිඛෙනවා.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව, මහින්ද සමයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

2020 වසරේදී, කිසිදු සාධාරණ සැකයක් නොමැතිව, කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් තමන් අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?