දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ජාවාරමක් අල්ලයි

පානදුර පින්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක පහත මාලයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමක් ඊයේ (06) රාත්‍රී වැටලීමෙන් පුද්ගලයන් දෙදෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පින්වත්ත පොලිසියට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අන්දරගහ පාර, 8 වන පටුමගේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසේ පහත මාලය වටලන විට සැකකරුවන් නීති විරෝධි මත්පැන් පෙරමින් සිට බවන් පොලිසිය සදහන් කළේ.

පොලිතින් උරවල බහා තිබූ ,ස්ප්‍රීට්තු ලීටර් 200 ක් බැරල් 13 ක බහා තිබූ ගෝඩා, ගෑස් ලිප් දෙකක්, සිලින්ඩරයක්, ද්විත්ව රෙගියුලේටරයක් ඇතුළු පෙරීමේ උපකරණ ද මෙම සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

එම ගෝඩා තොගය එම ස්ථානයේදීම විනාශ කිරීමට කටයුතුකර තිබෙනවා.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන ලද නීති විරෝධී මත්පැන් වාද්දුව, පානදුර, බණ්ඩාරගම සහ වස්කඩුව ඇතුළු ප්‍රදේශ රැසක තොග වශයෙන් බෙදා හැර ඇති බවටද තොරතුරු අනාවරණය කරත් බවයි පොලිසිය වදිසුට්‍රටත් සඳහන් කළේ.

සැකකරුවන් පිටත ළිදකින් නිවස තුළට නළ මාර්ගයෙන් ජල සැපයුම ලබාගෙන තිබූ අතර, අවට නිවෙස් වලට මත්පැන් දුගද වහනය නොවන පරිදි පැදුරු වලින් කවුළු වසාදමා මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40