ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (06) දිනයේ තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට පැමිණීමට නොහැකි බව දන්වා තිබෙනවා.
ඒ, අනුව ඔහු වෙනත් දිනයක් ලබදෙන ලෙස ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නොහොත් පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සබඳතා පිළිබඳව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පසුගිය 02 වනදා අනාවරණයක් කළා.
එහිදී ඔහු අනාවරණය කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අද (06) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
7
+1
+1
+1
1
+1
1





