කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත දෙමටගොඩ බේස්ලයින් පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය අසල පාළු නිවසක සඟවා තිබූ ගිනිඅවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී-56 මැගසින් එකක් සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ, බොරැල්ල, වනාතමුල්ලේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක්වන දුමින්දගේ සහ චතුගේ පාර්ශ්වය අතර පවතින ගැටුමක් සම්බන්ධයෙන් එක් පාර්ශවයක පුද්ගලයෙකු ඝාතනය කිරීමට මෙම ගිනි අවිය සඟවා තබා ඇති බවයි.
පොලිසිය සඳහන් කළේ මෙලෙස සොයාගත් ගිනි අවිය මිලිමීටර් නමය උණ්ඩ යෙදිය හැකි ආකාරය දේශීයව නිෂ්පාදනය කරන ලද්දක් බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





