ලක්ෂ 280ක මත්ද්‍රව්‍ය සමඟ දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

දකුණු පළාත තුළ හෑෂ් නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක් සිදුකරනු ලැබූ සැකකරුවන් 07 දෙනෙක්
අද (05) මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම, හබරාදුව සහ බද්දේගම යන ප්‍රදේශවලදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05 යි ග්‍රෑම් 600 ක් සමඟ මෙම සැකකරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන ති බවයි වාර්තාවන්නේ.

ධීවර රැකියාව කරන පිරිසක් හා ධීවර රැකියාව මුවාවෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙනැවිත් බෙදාහැරීම සිදුකරනු ලබන මෙම ජාවාරම්කරුවන් පිළිබඳව මාතර හා හම්බන්තොට අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

ධීවර ව්‍යාපාරිකයෙක් වන මිදිගම රනා නැමති අනුවර්ත නාමයෙන් හැදින්වෙන සැකකරුවා පළමුවෙන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය තිබී සොයා ගත් බවත් ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් හය දෙනා පිළිබඳව තොරතුරු ලබා ගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙට (06) දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51
Video thumbnail
නාමල්ට ලැබුණු ආදරය දැක්ක නාමලුත් පුදුම වෙයි
02:36
Video thumbnail
පිල්ලෙයාන්ගේ පැමිණීමත් එක්ක මඩකලපුව උසාවිය අවට උණුසුම් වෙයි
01:04
Video thumbnail
රු 20ක් අඩුකරපු එක හොඳටම ඇති - ජනතාවට හොඳටම දැනේවී
03:21
Video thumbnail
මහින්ද මහත්තයා යකඩ ගොඩක්නේ දුන්නේ - මේ ආණ්ඩුව හාල් කිලෝ 20ක් දෙනවනේ
02:30
Video thumbnail
මදියි මදියි.. තෙල් මිල තව අඩු කරන්න
02:23