ලක්ෂ 280ක මත්ද්‍රව්‍ය සමඟ දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට

දකුණු පළාත තුළ හෑෂ් නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක් සිදුකරනු ලැබූ සැකකරුවන් 07 දෙනෙක්
අද (05) මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම, හබරාදුව සහ බද්දේගම යන ප්‍රදේශවලදී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05 යි ග්‍රෑම් 600 ක් සමඟ මෙම සැකකරුවන් පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන ති බවයි වාර්තාවන්නේ.

ධීවර රැකියාව කරන පිරිසක් හා ධීවර රැකියාව මුවාවෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙනැවිත් බෙදාහැරීම සිදුකරනු ලබන මෙම ජාවාරම්කරුවන් පිළිබඳව මාතර හා හම්බන්තොට අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණා.

ධීවර ව්‍යාපාරිකයෙක් වන මිදිගම රනා නැමති අනුවර්ත නාමයෙන් හැදින්වෙන සැකකරුවා පළමුවෙන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ හෑෂ් මත්ද්‍රව්‍ය තිබී සොයා ගත් බවත් ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ අනෙක් සැකකරුවන් හය දෙනා පිළිබඳව තොරතුරු ලබා ගෙන ඇති අතර ඒ අනුව ඔවුන්ව ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙට (06) දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?