සැප්තැම්බරයේ සංචාරකයින් 158,971ක් ලංකාවට ඇවිත්

ගෙවුණු සැප්තැම්බර් මාසයේ දී සංචාරකයින් 158,971ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව දැක්වෙන්නේ 49,697ක් ලෙසයි.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 10,527ක්, ජර්මන් 9,344ක්, චීනයෙන් 10,527ක් සහ ප්‍රංශයෙන් සංචාරකයින් 5,144ක් ද පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීමට සාපේක්ෂව 30.24%ක වැඩිවීමක් බවයි.

මේ අතර මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 30 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,725,494ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?