ටියුනීසියානු ජනපතිට ෆේස්බුක් එකෙන් අපහාස කළ අයෙකුට මරණ දඬුවම

ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස වන සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය කරන ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් ටියුනීසියානු අධිකරණයක් විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම නියමකර තිබෙනවා.

51 හැවිරිදි වියේ පසුවන ටියුනීසියානු ජාතිකයෙකුට මෙලෙස මරණ දඬුවම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රාජ්‍යය පෙරලා දැමීමට උත්සාහ කිරීම, ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ අසත්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා පතුරුවා හැරීම යන චෝදනා මත මෙම සතිය මුලදී සේබර් චෞචෙන් නම් පුද්ගලයා වරදකරු වී තිබෙනවා.

ඒ අනුව ටියුනීසියාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ 2022 සයිබර් අපරාධ නීති සම්පාදනය ආඥාව 54 ලෙස උපුටා දක්වමින් ඔහුගේ සටහන්, ප්‍රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වයන් ඇති කළ බවට තීරණය කළ විනිසුරුවරුවරයා මෙම දඬුවම නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා ටියුනීසියාවේ එවැනි දඬුවමක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වනවා.

ටියුනීසියාවේ මරණ දඬුවම නීත්‍යානුකූලව පැවතුන ද, වරදකරු වූ මිනීමරුවෙකුට මරණ දඬුවම 1991 දී නියම කළ පසු මෙතෙක් එරට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කර නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40