ජනාධිපති කයිස් සයිඩ්ට අපහාස වන සහ රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය කරන ෆේස්බුක් සටහන් සම්බන්ධයෙන් ටියුනීසියානු අධිකරණයක් විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම නියමකර තිබෙනවා.
51 හැවිරිදි වියේ පසුවන ටියුනීසියානු ජාතිකයෙකුට මෙලෙස මරණ දඬුවම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රාජ්‍යය පෙරලා දැමීමට උත්සාහ කිරීම, ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ අසත්‍ය තොරතුරු අන්තර්ජාලය හරහා පතුරුවා හැරීම යන චෝදනා මත මෙම සතිය මුලදී සේබර් චෞචෙන් නම් පුද්ගලයා වරදකරු වී තිබෙනවා.
ඒ අනුව ටියුනීසියාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ 2022 සයිබර් අපරාධ නීති සම්පාදනය ආඥාව 54 ලෙස උපුටා දක්වමින් ඔහුගේ සටහන්, ප්‍රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වයන් ඇති කළ බවට තීරණය කළ විනිසුරුවරුවරයා මෙම දඬුවම නියමකර ඇති බවයි වාර්තා වන්නේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සඳහා ටියුනීසියාවේ එවැනි දඬුවමක් ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වනවා.
ටියුනීසියාවේ මරණ දඬුවම නීත්‍යානුකූලව පැවතුන ද, වරදකරු වූ මිනීමරුවෙකුට මරණ දඬුවම 1991 දී නියම කළ පසු මෙතෙක් එරට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කර නැහැ.





