පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී අධ්‍යාපන බලධාරීන්ට අගමැතිනියගෙන් උපදෙස්

පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී කලාපයට පොදු සැලසුමක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

එමෙන්ම පාසල් ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සම්පත් නිවැරදිව බෙදීයන පරිදි එය සිදුකළ යුතු බවයි ඇය මෙහිදී පැවසුවේ.

පාසල් ඒකාබද්ධ කීරමේ දී ආගම් සහ සංස්කෘතීන් අනුව දරුවන්ට නිසි අයිතිය ලැබෙන පරිදි සකස් කරන ලෙසට ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?