දකුණේ පාතාල කණ්ඩායමකට සම්බන්ද අයෙක් මත්ද්‍රව්‍ය සහ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට

මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව හෙරොයින් සහ ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීටියාගොඩ, කිරලගහවෙල මංසන්දියේදි මෙම සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිගෑම් 5150ක් සොයා ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මොහු රත්ගම, සිරිකඳුරවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයක්.

සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු විසින් මීටියාගොඩ, අක්කර පහ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සගවා තිබූ විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ උන්ඩ 04ක් ද සොයාගෙන තිබෙනවා.

පසුගිය 22 වැනි දින මීටියාගොඩ හන්දියේ අලුත්වල මාර්⁣ගයේ ගරාජයකට ගිනිඅවියක් රැගෙන පැමිණි දෙදෙනෙක් විසින් මනුෂ්‍ය ඝාතනයක් කිරිමට තැත්කළේ මෙම සොයාගත් ගිනි අවියෙන් ද යන්න පිළිබද පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?