ඉන්දියානු සාගරයේ දී පුද්ගලයින් 200ක් සමඟ නෞකාවක් ගිනි ගනී

ඉන්දුනීසියාවේ දැවැන්ත මගී යාත්‍රාවක් එක්වරම ගිනි ගැනීමකට ලක් තිබේ.

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපතක සිට තවත් දූපතක් වෙත යාත්‍රා කරමින් සිටි මගී නෞකාවක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබේ.

ඇති වූ ගින්නෙන් යාත්‍රාව විනාශයට පත්වන අවස්ථාවේ එහි සිටි කාර්යමණ්ඩලය සහ මගීන් ඇතුළු 200කට ආසන්න පිරිසක් සාගරයට පැන දිවි ගලවා ගෙන තිබේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කේ.එම්. කාරියා ඉන්ඩා නම් මෙම නෞකාව ඊයේ (29) දිනයේ දී ඉන්දුනීසියාවේ උතුරු මැලූකු පළාතේ අගනුවර වන ටර්නේට් සිට මෙම නෞකාව ඊසානදිග ඉන්දුනීසියාවේ ලීමෆටෝලා දූපතේ පිහිටි සනනා වරායට ගමන් ආරම්භ කර පැය 15කින් පමණ එම යාත්‍රාවේ එංජිම් කාමරය තුළ ගින්න හටගෙන තිබේ.

ගින්න වේගයෙන් පැතිරීමට ගෙන ඇති අතර ඉන්පසුව එය යාත්‍රාවටම පැතිර ගොස් තිබුණි. එහිදී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සියලු දෙනාට සාගරයට පැන දිවි ගලවා ගන්නැයි පවසා ඇති අතර ආරක්ෂිත ඇඳුම් ඇඳගත් බොහෝ දෙනා නෞකාවෙන් සාගරයට පනින ආකාරය දැක්වෙන වීඩියෝ පටයන්ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

ගින්න ඇති වූ වහාම අවට තිබූ ධීවර යාත්‍රා නෞකාවේ පිරිසට සහාය දීම සඳහා පැමිණ ඇති බවත් ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

ගින්නෙන් නෞකාව දැඩි වශයෙන් හානියට පත්ව ඇති අතර පසුට ටග් යාත්‍රා යොදාගෙන අසළ තිබූ වරායක් වෙත නෞකාව ගෙන යෑමට වරාය බලධාරීන් කටයුතු කර තිබුණි. ගින්න හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබේ.

ගිනි ගන්නා නෞකාවේ වීඩියෝ දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09