ලෝකයේ වටිනාම තේ නිෂ්පාදය සදහා හිමි ගිනස් වාර්තාව ලංකාවට

ජපානයේ පැවති ශ්‍රී ලංකා පුණ්‍යාධාර තේ වෙන්දේසියේ දී (Ceylon Tea Charity Ocction) ලෝකයේ වටිනාම , මිළ අධිකම තේ නිෂ්පාදය සදහා හිමි ගිනස් වාර්තාව හිමිකර ගත් නව විතාන කන්ද තේ කර්මාන්තශාලාව ඉදිරිපත් කළ FF Extra Special  කළු තේ (Black Tea) විශේෂය සමත් වී ඇති අතර, එම වෙන්දේසියට සහභාගී වූ එම කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී  පුබුදු ගුණසේකර ඊයේ (01) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

වසර 03 කට වරක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සංවිධානය කරන , “Ceylon Specialty Tea” තරගාවලිය යටතේ මෙරට කෘෂි දේශගුණික කළාප( Agro Climetic District ) 07 කට බෙදා, එම කළාප වල ජයග්‍රාහී තේ නිෂ්පාදකයින් 07 දෙනෙකු තෝරා ගන්නා අතර ඔවුන් මෙම ජපානයේ ඔසාකා නුවර , පසුගිය 26 දින පැවති තේ වෙන්දේසිය සදහා යොමු කර තිබෙනවා.

මෙම තේ වෙන්දේසිය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජපානයේ තේ අලෙවිකරුවන්ගේ සංවිධානය විසින් එක්ව ජපානයේ එක්ස්පෝ – 2025 ( Expo -2025) ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සමගාමීව  සංවිධානය කර තිබූ අතර ඒ සදහා ජාත්‍යන්තර ගැණුම්කරුවන් 70 දෙනෙකු ඉදිරිපත් වී සිටියා.

එහිදී සබරගමුව කළාපය නියෝජනය කරන නව විතාන කන්ද තේ කර්මාන්තශාලාව ඉදිරිපත් කළ කළු තේ විශේෂය සදහා මෙතෙක් ලෝකයේ තේ කිලෝ ග්‍රෑමයක් සදහා නියම වූ වැඩිම මිළ වූ ජපාන යෙන් 125,000 ක , ශ්‍රී ලංකා රුපියල් 255,000 ක ඉහළ  මිළක්, ජැනට් පැරිස් ඉන්ටර්නැෂනල් සමාගම (Janat Paris International Company) විසින් ගෙවා මිළදී ගෙන තිබුණා. 

මෙම තේ වෙන්දේසියෙන් ලද සමස්ථ ආදායම , ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරුවන්ගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා යොමු කිරීමට නියමිතයි.

මෙසේ නව ලෝක ගිනස් වාර්තාවක් තැබූ ශ්‍රී ලංකාවේ නව විතාන කන්ද තේ කර්මාන්තශාලාවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ උසස්  නිලධාරීන් , නව විතාන කන්ද තේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
1
+1
14
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබයේ පිරිසක් ජනපතිට හොඳවයින් අමතයි
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56