මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල විසින් එම මාලිගාවට අයත් දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
පෙත්සම්කරු කියා සිටින්නේ විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් ප්‍රවේණිගත දේපල පැවරීම, බදු දීම හෝ අන්සතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
එසේ තිබියදී වත්මන් වැඩ බලන නිලමේවරයා ඉකුත් කාලයේ දළදා මාලිගාවට අයත් දේපළ අවභාවිතාවට ලක් කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද පෙත්සම්කරු සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව සතු වත්කම් සහ නිශ්චල දේපල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණිම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව දළදා මාළිගාව සතු වත්කම් හා දේපළ පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් දළදා මාලිගාවේ පාලන කටයුතු මෙහෙයවීම සඳහා තාවකාලික භාරකරුවකු පත්කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.














