මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ නිලංග දෑල විසින් එම මාලිගාවට අයත් දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
පෙත්සම්කරු කියා සිටින්නේ විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් ප්‍රවේණිගත දේපල පැවරීම, බදු දීම හෝ අන්සතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
එසේ තිබියදී වත්මන් වැඩ බලන නිලමේවරයා ඉකුත් කාලයේ දළදා මාලිගාවට අයත් දේපළ අවභාවිතාවට ලක් කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද පෙත්සම්කරු සඳහන් කළා.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව සතු වත්කම් සහ නිශ්චල දේපල අන්සතු කිරීම, පැවරීම හෝ විකිණිම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව දළදා මාළිගාව සතු වත්කම් හා දේපළ පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් දළදා මාලිගාවේ පාලන කටයුතු මෙහෙයවීම සඳහා තාවකාලික භාරකරුවකු පත්කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.














පසුගිය කාලයේ විවිධ මාධ්‍ය මගින් දලදා මාලිගාව සමිබන්ධව කියවුන මහාපරිමාණ අක්‍රමිකතා වලට අනුව ඉහත පෙත්සම් කරුගේ ඉල්ලීම ඉතාම සාධාරණයි. එසේ වී ඇත්නමි ඔය දියවඩන නිලමේට කියන්න වෙන්නෙත් ගූ කන හොරෙන්ම කියල තමයි. ගින්නක් නෑතුව දුමක් නගින්නේ නෑනෙ. නගින දුම අනුව නමි සත්‍ය ඒ වගෙයි. කෙසේ වෙතත් ඊලග නිලවරණයේදී ගෙදර යවන එක සුබයි. නැත්නමි මහානායක හිමි දෙනමත් විකුනන්න කයි
ඇත්තෙන්ම මෙම නිලමේවරයාගේ දූෂණ වංචා මෙපමණ එලියට එද්දි මොහු තවත් බලයේ රදවන්න දඟලන්නේ මන්ද කියා නොදනී.
සියල්ලන් මුදලට යටවීම නිසා වගකිව යුත්තන් මොහු ඉවත් කරන්නේ නැත. හේතුව මොහු ඉවත් කල පසු පගාව ගත් සියල්ලන්ගේ රෙදි ගැලවෙන බැවිනි. මොහුගේ දූර කාලය හමාර වී ඇත. නමුත් මොහු නොයන්නේ දළදා මාලිගාවට අරක් ගත් බහිරවයා එහි තව අවුරුදු 10ක් බලයේ සිට දළදා මාලිගාවට ලැබෙන මුදල් පිලිබදව තිබෙන තණ්හාවට සහ එහි දේපොල බුක්ති විදීමට. සහ මොහු ඉවත් වූ විගස මොහුගේ බලය ගිලිහුණ විගස මොහුගේ සියලු හොර එලිවන බැවිනි. මෙතරම් හම්බකරගෙන කාල තවත් ඇති වීමක් නැත. මේ සියල්ලට ජන්දය දෙන පිරිස සහ වගකිව යුත්තන් වගකිව යුතුය මේ බහිරවයා ප්‍රසිද්ධියේ හොරකම් කරද්දී ඔහු බලයේ රැඳවීමට උල් පන්දම් දෙන කොටසක් සිටී. මොහු කල වංචා වලට යන්ට අපායක් වෙනම සෑදිය යුතුය. බුදු පිලිම උණු කිරීමම ඇති. තත්වය කෙසේ උවද දිනෙක නීතිය කෙසේ වෙතත් ස්වභාව ධර්මයට පිටුපෑමට නොහැක. එයට මුහුණ දිය යුතුමය. මොහුට හොරකමට සහය දුන් අයටද එම ඉරණමට මුහුණ දීමට සිදු වේ
Govt cant intervene with Temple of tooth Sanjaya you can lookafter your own business with cardinal. No opportunity shall be given to anyone who supports this anglican govt. inthe coming election. Buddhists must be vigilant and educate the general public.
සිරස්තලයෙ තියෙන්නෙ දියවඩන නිළමේ රීට් පෙත්සමක් ඉදිරිපත් කරා කියලා.
විස්තරේ තියෙන්නෙ දියවඩන නිළමෙට එරෙහිව කියලා
මෙම රජය සියලු දේට ඇගිලි ගයද්දී මෙම නිලමේවරයා ඉවත් කිරීමට කිසිදු පියවරක් නොගැනීම ඛේදනීයයි. රජයට අයිතියක් නැත විහාර දේවාල ගම් පනත වෙනස් කිරීමට නමුත් ඔවුන් කරන්නේ එවැනි දේ මිස මෙපමණ දූෂණ වංචා කරන නිලමේ වරයාට ඉවත් කිරීමට පියවර ගැනීම නොව. මොහුගේ දූෂණ වංචා ඇස් පනාපිට තියෙද්දී මොහු ඉවත් කිරීමටවත් මොහු අත්අඩංගුවට ගැනීමටවත් පියවර නොගන්නේ මන්ද ? සහ මොහුගෙන් යැපෙන හිඟන්නන් පිරිසක් සිටී. ඔවුන් මොහුව බලයේ තබාගැනීමට වෙර දරන බව නොරහසකි. මොහු බුක්ති විදින්නේ මොහු ගෙදරින් ගෙනා දේපොලවත් ධනයවත් නොව, දළදා මාලිගාව සතු සියලූම දේපොල හොරා කෑමෙන් උපයා ගත් ධනයයි. මෙවර මොහු ඉවත් කල යුතුයි
මුදල් හා අල්ලස දළදා මාලිගාව වෙලාගෙන එකේ බලපෑම මුළු මහනුවර නගරයම වෙලා ගෙන පාරවල් වහගෙන නිල මේ එයාගෙ ව්‍යාපාර කරගෙන යනවා
මෙම්ම් වාර්තාව් පළකිරීම සම්බන්ධව අපැහැදිලි බවක් පේනවාඑය පෙන්වා දිම් සඳහා ඔබේ දුරකථන අංකය කබා දීමට පුළුවන ද?