ෂොපිං බෑග් සඳහා මිලක් නියම වන ලකුණු

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.

මෙම නඩුකරයට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෝසමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?