අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 05 දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.
පසුගිය දා නිමාවට පත් වූ ආසියානු කුසලානයේ දැක්වූ දක්ෂතා මත පදනම්ව පැතුම් නිස්සංක මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහු මීට පෙර 07වන ස්ථානයේ රැඳී සිටියා.
එම ශ්‍රේණිගත කිරීම්වල අංක 01 රැඳී සිටි අභිෂේක් ශර්මා තමන්ගේ ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පළමු ස්ථානයේ රැඳී සිටින්නේ පසුගිය ආසියානු කුසලානයේ තරගාවලියේ වීරයා සහ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.
ආසියානු කුසලානයේ වැඩිම ලකුණු ලාභින්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ රැඳී සිටීමටද පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා.















