පාකිස්ථාන ජාතික සැකකරුවෙක් සොයන්න පොලිසිය මහජන සහය පතයි

මීට වසර 09කට පමණ පෙර 2016 වර්ෂයේ අප්‍රේල් මස පළමුවන දින ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව මෙරට මුහුදු තිරයේ දී හෙරොයින් කිලෝ 111 ක් සහ ග්‍රෑම් 82ක් අත්අඩංගුවට ගැනුණු අතර එහිදී සැකකරුවන් 17 දෙනෙක් ද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර නඩු කටයුතු පවත්වාගෙන ගිය අතර ඉන් අබ්බාස් ශබීර් නම් බඩල්ගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි පකිස්ථාන ජාතිකයෙක්ට මීගමුව මහාධිකරණය විසින් පසුගිය 07 වෙනි මස 04 වැනිදා ඇප නියමකර තිබෙනවා.

සෑම ඉරිදා දිනකම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පෙනී සිටින ලෙසට ඇප කොන්දේසියක් අදාළ සැකකරුට නියමකර තිබුණද මේවන තෙක් ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පෙනී සිට නොමැති බවයි වාර්තාවන්නේ.

මෙලෙස ඇප කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට මහාධිකරණය නියමකර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන අතර පහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබද යම් තොරතුරක් වෙතොත් 071 85 91 881 සහ 011 23 43 333 යන දුරකථන අංක ඔස්සේ පොලිසිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.

  1. මොහුව ඇප නියමකල අවස්ථාවේම නැවත ලංකාවට පැමිණීම නොහැකි ලෙස රටින් පිටුවහල් කලා නම් මේ කරදර නැහැනේ.වෙන රටවල කෙරෙන්නේ ඒකයි.

    • isis ත්‍රස්තවාදීන් රාජ්‍ය යාන්ත්‍රණයට හා දේශපාලනයට රිංගු විට එවැනි දේ සිදු නොවේ. උන්ගේ අරමුණ සිංහල හා දමිල ජනතාව විනාශ කර ලංකාව isis කිරීමය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13
Video thumbnail
අධිකරණය ගැන මාලිමාවේ නීතිඥයින් හදිසියේම හමුවක් තියලා කිව්ව දේ - මොන තරම් දුර්මතයක්ද බලන්නකෝ
19:25
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි - මූණත් අවුල් කරගෙන යන්නේ
03:28
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09