සංවිධානාත්මක අපරාධකරුවෙක්ගේ ගෝලයෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කුඩු රොෂාන්ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලතම ගෝලයෙක් වන චින්තක සදුන් යන අයෙක්ව කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොලඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ මෙහෙයවීම මත පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් මට්ටක්කුලිය පොලිස් වසමේදි සිදු කරනු ලැබූ සාර්ථක වැටලීමක් මගින් ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33 ග්‍රෑම් 270ක්, හෙරොයින් ග්‍රෑම් 408ක්,පිල් මත්පෙති 200ක් සහ විකිනීම සදහා කැබලි ලෙස සකස්කර තිබූ හෙරොයින් කැබලි 7400ක් සමග මෙම සැකකරු අත්අඩංගුවට පත් වූ බවයි පොලිසිය පවසන්නේ.

වයස අවුරුදු 38ක් වන චින්තක සදුන් අබේරත්න යන මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වැඩිදුර විමර්ශන වලදි අනාවරණය වී ඇත්තේ මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් වන කුඩු රොෂාන් යන අයගේ සමීපතමයෙක් සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යන බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු, මත්ද්‍රව්‍ය තොගය සමඟ මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00