සමලිංගික චර්යා ප්‍රවර්ධනයට විරුද්ධව මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

සමාජ පරිහානියට හේතුවන අදූරදර්ශි නීති හඳුන්වාදීම හා සදාචාර විරෝධී සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්වහන්සේලා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය මෙන්ම චිරාගත සද්චාරිත්‍රයන් නොසලකා පටු අත්තනෝමතීන් හා අන්ධානුකරණයන් මත පදනම්ව රාජ්‍ය පරිපාලනයෙහිලා යමෙක් උත්සාහ දරන්නේ නම් එය රාජ්‍යය අරාජික වීමට මෙන්ම සමස්ත සමාජය බිඳ වැටීමට හේතුවන බව උන්වහන්සේලා පවසනවා.

එමෙන්ම වර්තමාන රජය මගින් දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට ශාරීරික දඬුවම් කිරීමේ වරද නමින් යෝජිත සංශෝධනය මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම එවන් බරපතල සාරධර්මමය ආරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කිරීමට හේතුවන්නක් බවද එම ලිපියේ අවධාරණයකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?