පකිස්ථානයේ පාලනය යටතේ ඇති ජම්මු සහ කාශ්මීරයේ මේ වන විට හර්තාලයක් ක්‍රියාත්මක අතර සියලුම වෙළඳපොළ, සාප්පු සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන වසා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කාශ්මීර ජනතාව ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවට සියලු වාණිජ කටයුතු නවතා දමමින් දැඩි සහයෝගයක් දක්වන බැවින් කලාපය පුරා වීදි සහ මංතීරු පාළුවට ගොස් ඇතැයි සඳහන්.
මහජන ක්‍රියාකාරී කමිටුව මෙම වැඩ වර්ජනය සහ හර්තාලය කැඳවා ඇත්තේ දිගුකාලීන, නොවිසඳුණු ගැටළු සම්බන්ධයෙන් මහජන කෝපය ඉහළ යාම හේතුවෙන්.
අඛණ්ඩව දෙවන දිනටත් පොක්කයි පුරා අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා අත්හිටුවා ඇති බව ද මාධ්‍ය වාර්තා කළා.
ඉල්ලීම් 38 ක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති මහජන ක්‍රියාකාරී කමිටුව විසින් වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබුවා.















