පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටී කොළඹ ලොකු අනතුරක්

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කොළඹ වොක්ෂෝල් වීදියේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ළමුන් 13 දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඉන් ළමුන් 10 දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ළමුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක ළමුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථය ආරක්ෂක විද්‍යාලයේ ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ රියදුරුද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් මේ වනවිට බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
15
+1
3
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58