බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ ධාවනයේදී ටිකට් පත් ලබාදීම සහ මගියා විසින් ටිකට්පත් ලබා ගැනීම අනිවාර්යයි

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන සියලුම පෞද්ගලික බස් රථ හෙට (01) දින සිට ධාවනයේදී ටිකට් පත් ලබාදීම සහ මගියා විසින් ටිකට්පත් ලබා ගැනීම අනිවාර්ය බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ ප්‍රකාශ කරනවා.

කොන්දොස්තරවරයා ටිකට් පතක් ලබා නොදෙන්නේ නම් ඔහුට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත් මගියා ටිකට් පත ලබා නොගන්නේ නම් ඔහුට එරෙහිව ද නීත්‍යානුකූල පියවර ගනු ලබනවා.

ඒ අනුව මගියෙක් ටිකට් පතක් ලබා නොගන්නේ නම් රුපියල් සීයක දඩයක් සහ ගමන් වාරය මෙන් දෙගුණයක් අයකර ගැනීමේ හැකියාව පවතින අතර ඔහු එම දඩ මුදල ගෙවීමට ප්‍රතික්ෂේප කරන්නේ නම් අධිකරණ ක්‍රියාවලියකට යෑමට කටයුතු කිරීමට හැකි බවයි පැවසෙන්නේ.

කොන්දොස්තරවරයා විසින් ටිකට් පත ලබා නොදෙන්නේ නම් රුපියල් 750ක දඩ මුදලක් අයකර සහ එක් දින වැඩමුළුවකට යොමු කරවීම සිදු කරනු ලබනවා.

එම පියවර ලබන මස සිට තවත් පුළුල් කර කොන්දොස්තරවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට ද කටයුතු කරන බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

හෙට දින සිට බස්නාහිර පළාත තුළ මාර්ගස්ථ පරීක්ෂකවරුන් යොදවා පරීක්ෂා කිරීම සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42