රන්මාල සහ දේපළ කොල්ලකෑමේ ජාවාරමකට සම්බන්ධ තිදෙනෙක් මාට්ටු

පෑලියගොඩ, බකිණිගහපිල්ලෑව පාලම අසළදී කැලණිය අපරාධ විමර්ශනය කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්රෑම් 11යි මිලි ග්‍රාම 500ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු කොලොන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙක් බවයි වාර්තාවන්නේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධීන් රැසකට මොහු පොලිසියට අවශ්‍යව සිටි අයෙක් බවයි.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද රන් භාණ්ඩ බැහැර කිරීම සඳහා සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් පිළිබඳ අනාවරණය වූ තොරතුරු මත ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

වයස අවුරුදු 45ක කාන්තාවක් සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත් වී තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ද සොරකම් කරන ලද කරාඹු ජෝඩුවක් ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සැකකරුවන් දෙදෙනා සහ අදාළ සැකකාරිය පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර ඇති අතර පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?