ප්‍රපාතයකට යන්න ගිය ජීවිත 28ක් අනූ නවයෙන් බේරුණු අනතුර

නුවරඑළියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයේ දී මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතරවීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගොස් තිබෙනවා.

වලපනේ පොලිසිය පැවසුවේ නුවරඑළිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ, මහ ඌව ප්‍රදේශයේ දී ඊයේ (28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

යාපනයේ සිට නුවරඑළියේ සංචාරයක් සදහා පැමිණි පුද්ගලයින් 28 දෙනෙකුගෙන් සමන්විත බස් රථයක් ආපසු යාපනය දක්වා ගමන් කරමින් තිබිය දී මෙම අනතුර මුහුණ පා ඇති බවයි.

බස් රථය ධාවනය කරවන අවස්ථාවේ එහි තිරිංග පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත පස් බැම්මේ වැදී නතර වී තිබෙනවා.

අධික බෑවුමක් සහිත එම මාර්ගයේ මහ ඌව වංගුව ප්‍රදේශයේ මීට පෙර ද රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධික බෑවුම් සහිත ස්ථානවල පස්වලින් ආරක්ෂිත බැමි ඉදිකර තිබීම නිසා මෙම බස් රථය
මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දේ ගැටී ප්‍රපාතයට පෙරළී නොගොස් නතර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51