මාවනැල්ල, මානික්කාව ප්‍රදේශයේ ඉදිකිරීම් ස්ථානයක අද (29) පෙරවරුවේ පස් බැම්මක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි තිදෙනෙක් ඊට යට වී තිබෙනවා.
මේ වනවිට මාවනැල්ල පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සේවකයින් පස් බැම්මට යටවී සිටින තිදෙනා බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.













