කොට්ටාව පොලිස් වසමේ රුක්මලේ පාර, කොට්ටාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී ව්‍යාජ වාහන අංක තහඩු, ජීව පතරොම් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගේහ තිබෙනවා.
ඊයේ (28) දහවල් කාලයේ සිදුකළ මෙම වැටලීමේ දී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400 ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458 ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස්කල වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ සහතිකපත් 15 ක් හා ජංගම දුරකථන දෙකක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 24ක වන මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබෙනවා.















