රිය අනතුරු 06කින් ජිවිත අහිමිවීම් 06ක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (26) දිනය තුළ සිදු වූ රිය අනතුරු නිසා පුද්ගලයන් 06 දෙනෙක්ට ජිවිත අහිමිවී තිබෙනවා.

ඊයේ සවස් කාලයේ බුලත්සිංහල, පාරුතල්විල ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

එලෙස හොරණ රෝහලට ඇතුළත් කළ එක් යතුරුපැදිකරුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 26 ක් වූ පාරුතල්විල, බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තුවාල ලබා බරපතල තත්ත්වයේ පසුවන අනෙක් යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තාවන්නේ.

කොලොන්න පොලිස් වසමේ අලිවාඩිය ප්‍රදේශයේදී ඊයේ අළුයම් කාලයේ ත්‍රීරෝද රථයක තිරිංග ක්‍රියා විරහිත වී ඉදිරියට ඇදී ගොස් ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවන් දෙදෙනෙක් ගමන්කර ඇති අතර බරපතල තුවාල ලැබූ ඔවුන් තිදෙනා කොලොන්න රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් එක් කාන්තාවක් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු ‍53ක කාන්තාවක්.

මොණරාගල – මාතර මාර්ගයේ 70 පාර හන්දිය අසලදී ලුණුගම්වෙහෙර දෙසට ධාවනය වූ බස් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදිකරුට දිවි අහිමි වී ඇති බව පොලිසිය පවසනවා.

අනතුරට සම්බන්ධයෙන් බස් රථ රියදුරු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

කොළඹ, බේස්ලයින් මාර්ගයේ බන්ධනාගාර හන්දිය අසලදී ද දෙමටගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 25 ක් වූ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි බොරැල්ල පොලිසිය සඳහන් කළේ.

ඊයේ දින දහවල් කාලයේ හබරාදූව, කතළුව පාලම අසලදී මාතර දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ වම් පස නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදුව තිබුණා.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සහ පසුපස අසුනේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී කාන්තාව මියගොස් තිබෙනවා.

ඇය වයස අවුරුදු 70 ක් වූ අහංගම ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

එමෙන්ම ඊයේ රාත්‍රියේ හම්බේගමුව පොලිස් වසමේ මළකදුර හන්දිය අසලදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදු වූ අනතුරකින්ද යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත්ව ඇති බව වර්තාවනවා.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවත් පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22