පැතුම්ගේ ශතකය අපතේ යයි – සුපිරි පන්දුවාරයේ දී ඉන්දියාවට ජය

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ අවසන් තරගය සුපිරි පන්දුවාරයේ දී ඉන්දියාව හමුවේ පරාජය වන්නට ශ්‍රී ලංකාවට ඊයේ (26) සිදු වුණා.

ඒ, අනුව සුපිරි හතරදෙනාගේ වටයේ සහභාගී වූ සියලු තරග පරාජය වී මෙවර තරගාවලියෙන් ඉවත්වන්නටයි ශ්‍රී ලංකාවට සිදුවුණේ.

ඩුබායි හි පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාව 20 තුළ කඩුලු 05ක් දැවී 202ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඉන්දීය ඉනිමේ දී අභිෂේක් ෂර්මා ලකුණු 61ක් රැස්කළ අතර, තිලක් වර්මා නොදැවී ලකුණු 49ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව ඉන්දියාවෙන් හිමි වූ ලකුණු 203ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළයට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට හැකිවුයේ නැහැ.

ඒ, ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවීයාමත් සමඟයි.

අනතුරුව දෙවැනි කඩුල්ලට පැතුම් නිස්සංක සමඟ එක් වූ කුසල් ජනිත් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහි මාවතට රැගෙන ඒමට සමත් වුණා.

එහිදී කුසල් ජනිත් පන්දු 32ක් තුළ ලකුණු 58ක් රැස් කළේ සිය 17 වන විස්සයි විස්ස අර්ධ ශතකය රැස්කරමින්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම ගැලවුම්කරුවා වී සිටින ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක ඒ අතර වාරයේ සිය පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස් කළා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 107ක් රැස් කළේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටිය තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත්වෙමින්.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට පැතුම්ගේ දැවීයාමත් සමඟ එතෙක් ශ්‍රී ලංකාව දෙසට හැරී තිබූ තරගය ඉන්දියාව දෙසට දෝලනය වුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවාරය තුළ ශ්‍රී ලංකාවට ලකුණු 12ක ඉලක්කයක් අවශ්‍යව තිබූ අතර, හර්ෂිත් රානා විසින් යැවූ එම පන්දුවාරය තුළ ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ලකුණු 11ක් පමණයි.

එහිදී නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලිය වී තිබුණේ කඩුලු පහකට ලකුණු 202ක් ලෙසයි.

ඒ, අනුව කණ්ඩායම් දෙකේ ලකුණු සමවීමත් සමඟ තරගයේ ජයග්‍රාහකයින් තෝරාගැනීමට සුපිරි පන්දුවාරයකට යාමට සිදුවුණා.

සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට නියමිත කඩුලු 02 දැවී ලබාගත හැකි වුයේ ලකුණු 02ක් පමණයි.

අනතුරුව සුපිරි පන්දුවාරය තුළ ලකුණු 03ක පහසු ඉලක්කයක් සොයා ආ ඉන්දීය පිතිකරුවන් යුගළය එක් පන්දුවක් පමණක් වැයකරමින් එම ඉලක්කය පසුකර ගොස් තරගය ජයග්‍රහණය කළා.

මෙම ජයත් සමඟ ඉන්දීය ඉංදයම මේවර ආසියානු කුසලනයේ ඔවුන් සහභගී වූ සියලු තරගය ජයගෙන අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා සිටින කණ්ඩායම බවට පත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49