නවකවධය දුන් වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් හතරක් රිමාන්ඩ්

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙක්ට නවකවධය දී අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවැනිවසරේ සිසුන් සිව් දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මේ මස 29 දක්වා සැකකරුවන් සිවුදෙනා රිමාන්ඩ් බාරයට පත්කරනලෙස නියම කළා.

මෙලෙස රිමාන්ඩ් වූයේ කුලියාපිටිය වයඹ සරසවියේ තෙවැනිවසර සිසුන් සිවුදෙනෙකු වූ හෙට්ටිපොල, කටුපොත, මාරකවිට, උකුවෙල ප්‍රදේශ්වල පදිංචි සිසුන් සිව් දෙනෙක්.

පහරකෑ සිසුවා තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව අධිකරණය හමුවේ කරුණු කී පොලිසිය සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළයුතු බවද පවසා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් කරුණු කී නීතිඥවරයා කියා සිටියේ සැකකරුවන් ලෙස නම්කර ඇති සිසුන් හා පැමිණිලිකරු එකම සරසවියක සිසුන් බැවින් පෙරෙට්ටුවක් අනවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඉදිරි දිනයේදී සැකකරුවන් අධිකරණයට ආවරණ සහිතව ඉදිරිපත්කරන්නැයි බන්ධනාගාරයට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47