වසර 06කට පෙර නඩුවක් දැමූ නිසා පොලිසියේ සාජන්ට පිහි ඇනුමක්

අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ සේවය කරන සාජන්වරයෙක් විසින් මිට වසර හයකට පමණ පෙර යතුරුපැදියෙන් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණා.

ඒ අනුව අධිකරණය විසින් ඔහුට රුපියල් හැටදහසකට ආසන්න දඩ මුදලක් නියමකර ඇති අතර එලෙස දඩ නියම වීම සම්බන්ධයෙන් ඔහු කෝපයට සිට ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර ඊයේ රාත්‍රීයේ අනුරාධපුර, කූඹිච්චං කුලම අසල ප්‍රදේශයේ අදාළ සාජන්වරයා සහ තවත් නිලධාරියෙක් රාජකාරීයේ යෙදී සිටින අතරතුර අදාළ සාජන්වරයාට ඉහත කී සැකකරු විසින් පිහියකින් ඇන තුවාල සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් සාජන්වරයා සමඟ සිටි අනෙක් නිලධාරියා එම සැකකරු සමඟ පොරබැඳ ඔහුව තම භාරයට ගෙන ඇති අතර පසුව ඔහු සහ පිහි ඇනුමට යොදාගත් එම පිහිය අනුරාධපුර පොලිසියට වෙතට භාරදී දී අත්ගි බවයි වාර්තාවන්නේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සාජන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වසර හයකට පෙර සිදුවූ සිදුවීමට පළිගැනීමක් වශයෙන් අදාළ සාජන්වරයා දුටුවිට නිවසට ගොස් පීහියක් රැගෙනවිත් සාජන්වරයාට පිහි ඇනුම් එල්ල කළ බවට අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණයකර ඇති බවට පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණයන් මෙහෙයවන අතර සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22