සංගා, රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු තනතුරට

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර යළි පත්කර තිබෙනවා.

එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරින් ඉවත්වීමෙන් පසු සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස යළි පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, ඔහු 2021 වසරේ සිට එම තනතුරේ කටයුතු කරනවා.

මේ අතර රාජස්ථාන් නායකත්වය දැරූ සංජු සැම්සන් 2025 අයි.පී.එල් තරග වාරයෙන් පසු කණ්ඩායමෙන් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිට ඇති අතර, මේ වනවිට සංගක්කාරගේ ප්‍රමුඛතාවය වනුයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට වෙනත් ක්‍රීඩකයෙක් සොයාගැනීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?