ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව හා පාකිස්ථානය ආසියානු කුසලනයේ අවසන් මහා තරගයට

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ පළමුවරට ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයක් වෙනුවෙන් මෙවර සුදුසුකම් සුදුකම් ලබා තිබෙනවා.

ඒ, ඊයේ (25) රාත්‍රියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 11කින් පරාජය කර පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුකම් ලබාගැනීමත් සමඟයි.

ඊයේ පැවති තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුලු 08ක් දැවී ලකුණු 135ක් රැස්කළ අතර ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 124ක් පමණයි.

මෙවර තරගාවලියේ සුපිරි 04 වටයේ මුහුණ දුන් පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව කල්වේලා ඇතිවම අවසන් මහා තරගයේ ඉඩ වෙන්කර ගත්තා.

වසර 41ක ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, මෙලෙස ඉන්දියාව සහ පාකිස්ථානය අවසන් මහා තරගයකට සුදුකම් ලැබීමත් සමඟ මෙවර අවසන් මහා තරගය ඉතා උණුසුම්වනු ඇති බවයි ක්‍රිකට් ව්චාරකයින් පතපළ කරන්නේ.

මේ අතර ඉන්දියාව ආසියානු කුසලාන 08කට හිමිකම් කියන අතර, පාකිස්තානය දෙවරක් ආසියානු කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.

මෙවර ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ලබන ඉරිදා (28) ඩුබායි හිදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?