කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ මඟින් අද (25) පයාගල පොලිස්වසමේ ලන්සියාවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු අයුරින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඇද සිටි යට ඇඳුමේ සඟවා තිබූ ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ 29ක් සහ ආරක්ෂක අංශය භාවිතාකරන අත් විලංගුවක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි “වස්කඩුවේ රෝසා” යන අනුවර්ත නමින් හඳුන්වන මෙම සැකකරු යුද හමුදා බුද්ධි බලකායට අයත් සෙබලෙක් බවත් ඔහු මේ වන විට සේවයෙන් ඉවත්ව ඇති බවත් පොලිසිය පවසනවා.
මෙම සැකකරුට මීට පෙරද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙක් වන අතර,මෙම ටී 56 ගිනි අවී උණ්ඩ කිසියම් පුද්ගලයෙකුට ලබාදීම සඳහා පයාගල ප්‍රදේශයට පැමිණෙන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා.
මෙම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රැඳවූම් නියෝග ලබා ගැනීමටට නියමිතයි.















