වස්කඩුවේ රෝසාගේ රහස් ප්‍රදේශයෙන් ජීව උණ්ඩ 29ක් සොයාගැනේ

කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ මඟින් අද (25) පයාගල පොලිස්වසමේ ලන්සියාවත්ත ප්‍රදේශයේදී සැකකටයුතු අයුරින් යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙක් පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඇද සිටි යට ඇඳුමේ සඟවා තිබූ ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ 29ක් සහ ආරක්ෂක අංශය භාවිතාකරන අත් විලංගුවක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචි “වස්කඩුවේ රෝසා” යන අනුවර්ත නමින් හඳුන්වන මෙම සැකකරු යුද හමුදා බුද්ධි බලකායට අයත් සෙබලෙක් බවත් ඔහු මේ වන විට සේවයෙන් ඉවත්ව ඇති බවත් පොලිසිය පවසනවා.

මෙම සැකකරුට මීට පෙරද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයෙක් වන අතර,මෙම ටී 56 ගිනි අවී උණ්ඩ කිසියම් පුද්ගලයෙකුට ලබාදීම සඳහා පයාගල ප්‍රදේශයට පැමිණෙන්නට ඇතැයි පොලිසිය අනුමාන කරනවා.

මෙම සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කොට රැඳවූම් නියෝග ලබා ගැනීමටට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51