බංග්ලාදේශයේ ආර්ථිකය ශ්‍රී ලංකාවටත් වඩා කඩා වැටෙයි ද?

බංග්ලාදේශ ආර්ථිකය මෑත ඉතිහාසයේ දරුණුතම අර්බුදයකට මුහුණ දී සිටින අතර, බැංකු අංශය, බැංකු නොවන මූල්‍ය ආයතන (NBFIs) සහ කොටස් වෙළඳපොළ යන කුළුණු තුනම අස්ථාවරත්වයේ ගිලී තිබෙනවා.

ණය පැහැර හැරීම, දුර්වල නියාමනය, දේශපාලන බලපෑම, දූෂණය යන විෂම චක්‍රයක් ආර්ථිකය අස්ථිර තත්වයකට ඇද දමා ඇති අතර අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව පුලුල්.කරනු ලබනවා.

බැංකු අංශය පැහැර හැරීම්වල සිරවී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවූ ප්‍රතිපත්ති, දේශපාලන මැදිහත්වීම් සහ දූෂණය හේතුවෙනි.

බංග්ලාදේශ මහ බැංකුවේ නවතම ඇස්තමේන්තු වලට අනුව, ජුනි මාසය අවසන් වන විට පැහැර හැරීම් ණය බංග්ලාදේශ ටකා කෝටි ලක්ෂ 6 ක් පමණ වුණා.

ඊට අමතරව, සැඟවුණු පැහැර හැරීම් වලින් තවත් කෝටි ලක්ෂ 3.18 ක් හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියක පවතිනවා

ආසියානු සංවර්ධන බැංකුව (ADB) මෑතකදී වාර්තා කළේ බංග්ලාදේශය දැන් ආසියාවේ ඉහළම පැහැර හරින ලද ණය ප්‍රමාණය ඇති රට බවයි.

2024 දී, රටේ මුළු ණය ප්‍රමාණයෙන් 20.2% ක් පැහැර හරිනු ලැබ ඇති අතර එය පෙර වසරට වඩා 28% වැඩි වීමක්.

ආසියානු සංවර්ධන බැංකුව බංග්ලාදේශය ආසියාවේ “දුර්වලම බැංකු පද්ධතිය” ඇති රට ලෙස හඳුන්වනු ලැබුවා.

ඊට වෙනස්ව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ හරහා අක්‍රීය ණය අඩු කිරීමට සමත් වී ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14