මහවෙල පොලිස් වසමේ පල්ලේපොල, කොහොලන්වල මාර්ගයේ නිලව හන්දියේදී ඊයේ (24) සවස් කාලයේ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර ඔහු පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 59 ක් වූ පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ දින උදෑසන කාලයේ නිට්ටඹුව, නාඹුළුව හන්දිය අසලදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 33 ක් වූ යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව වර්තාවනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාහේනගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පැවසෙන්නේ.
එමෙන්ම ඊයේ රාත්‍රී කාලයේ කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙක්ගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදිකරු හා පදික පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් පසු පදික පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඔහු වයස අවුරුදු 39 ක් වූ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉගුරුකඩේ හන්දිය ආසන්නයේදී ද යතුරුපැදියක් සහ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
යතුරුපැදිකරු වයස අවුරුදු 56 ක් වූ ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.




