යතුරුපැදි අනතුරු නිසා සිව්දෙනෙක්ට දිවි අහිමි වෙයි

මහවෙල පොලිස් වසමේ පල්ලේපොල, කොහොලන්වල මාර්ගයේ නිලව හන්දියේදී ඊයේ (24) සවස් කාලයේ ලොරි රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර ඔහු පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු ‍59 ක් වූ පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ දින උදෑසන කාලයේ නිට්ටඹුව, නාඹුළුව හන්දිය අසලදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු ‍33 ක් වූ යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව වර්තාවනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාහේනගම ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක් බවයි පැවසෙන්නේ.

එමෙන්ම ඊයේ රාත්‍රී කාලයේ කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙක්ගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදිකරු හා පදික පුද්ගලයා බරපතල තුවාල ලබා තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් පසු පදික පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔහු වයස අවුරුදු ‍39 ක් වූ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉගුරුකඩේ හන්දිය ආසන්නයේදී ද යතුරුපැදියක් සහ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ගැටී යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

යතුරුපැදිකරු වයස අවුරුදු ‍56 ක් වූ ගොතටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41
Video thumbnail
රාජපක්ෂලාට බෝධි පූජා කරන්නත් තහනම් කරන්න යන්නේ ?ඕකට විරෝධයක් පල කරන්න ඕනි
02:57
Video thumbnail
නාමල්ට සෙත්පතා දෙවිනුවර රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආශිර්වාද පූජාව - සාගර, ලක්ෂ්මන් සෙට් එකම එයි
04:44
Video thumbnail
අද දිනයෙන් බොහෝ ප්‍රදේශවලට තද වැසි - ඉදිරියේදී වැසි තත්ත්වයේ අඩුවීමක්
02:07
Video thumbnail
චමින්ද නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - හරිනි පෙන්නලා රට කෑවා වගේ වැඩක් මේ
07:36
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06