විදුලි බලමණ්ඩලයේ වෘත්තීය සමිති වැඩවර්ජනය තාවකාලිකව නවත්වයි

අකුරට වැඩ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදෙන ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති හෙට (25) දිනයේදී වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානමින් සිටි අතර ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීමට අද (24) එම වෘත්තීය සමිති කොළඹට රැස් වුණා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර කම්කරු සංවිධානය මැදිහත්වී හෙට දිනයේදී විදුලි වෘත්තීය සමිති , ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සමග හෙට දහවල් සාකච්චාවක් සූදානම් කළ නිසා දින නියමයකින් තොරව වැඩවර්ජනය කල් දමන බව ලංකා විදුලිබල මන්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

එම සාකච්චාවෙන් පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානය අමාත්‍යවරයා සමගද සාකච්චාවක් සූදානම්කර ඇති බව වැඩිදුරටත් ඔහු සඳහන් කළා.

වැඩවර්ජනය අවලංගු කළද අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම සිදුකරන බවද ඔහු පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57