මර්වින් සිල්වාගේ නඩුවට දින නියම වෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියමකර තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වැනිදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළා.

මෙම නඩුව ඊයේ (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දුන්නා.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17 වැනිදා විභාගයට ගැනීමට තීරණය කරනු ලැබුවා.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33