රෝගී තරුණියකට ට්‍රොලියේදී හදි කළ රෝහල් සේවකයෙක් මාට්ටු

නාගොඩ ශීක්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී තරුණියක එක්ස් රේ පරීක්ෂණයක් සදහා ට්‍රොලියක රදවා සිටී අතරතුර පියයුරු ස්පර්ශ කල බව කියන රෝහල් සේවකයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තාවකාලික පදනම මත සෞඛ්‍ය සහායක තනතුරකට පත්කර සිටින පුද්ගලයෙක් බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කළා.

එම රෝහලේ වාට්ටු අංක 25 හි ප්‍රතිකාර ලබන තරුණියක එක්ස් රේ පරීක්ෂණයක් සදහා රැගෙන ගොස් ට්‍රොලියක රදවා සිටියදී සෞඛ්‍ය සේවකයෙකු විසින් ඇයගේ පියයුරු ස්පර්ශ කර ඇති බවට මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහට ලද දුරකථන ඇමතුමක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී රෝහල් සේවකයන්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කළුතර දකුණ පොලීසිය සඳහන් කළා.

පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
8
+1
11
+1
5
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?