කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් විදුලි බලමණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින්ට සහ සේවකයින්ට පසුගිය 17වන දින දුරකතනයෙන් කතා කොට තර්ජනය කළායැයි පවසමින් විදුලි බලමණ්ඩලයේ සමගි වෘත්තීය සමිතිය විසින් පොලිස්පතිට ලිපියක් යොමු කරමින් පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති බවට වාර්තාවනවා.
එම වෘත්තීය සමිතියේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන ආනන්ද පාලිත විසින් මෙම ලිපිය පොලිස්පතිවරයාට යොමුකර තිබෙනවා.
”බලය රැකගැනීම සඳහා ලක්ෂයක් වුවද මරණ බවත්, පොලිසිය සහ හමුදාව අපගේ බවත්, නිවෙස්වලට පැමිණෙන බවත්,” එම තර්ජනය මඟින් රන්ජන් ජයලාල් පවසා ඇති බවට එම පැමිණිලි ලිපියේ සඳහන්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
+1














