අධ්‍යාපනයේ මානව සම්පත් සංවර්ධනයට 38 දෙනෙක් වි‍දේශ පුහුණු වැඩසටහනකට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ දීර්ඝ කාලීන සැලැස්ම යටතේ පාසල් සඳහා ඩිජිටල් උපාංග ලබා දීමට සමාන්තරව පාසල් පද්ධතියේ මානව සම්පත් ධාරිතා සංවර්ධනය කිරීමේ ක්‍රියාකාරකමක් ලෙස චීන මහජන සමූහාණ්ඩුව සමග පවත්වන ලද වි‍දේශ පුහුණු වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පවත්වන ලැබුවා.

ඩිජිටල් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම යටතේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පාසල්, කලාප හා පළාත් මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන වැඩසටහන, මෙරට මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන පද්ධතියට ලැබුණුු සුවිශේෂ අවස්ථාවක් වන අතර එහි පළමු වටය සඳහා 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වි‍දේශ පුහුණු වැඩසටහනට සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !