විදුලිබල සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ගැසූ ගැසට්ටුව හෙට පාර්ලිමේන්තුවට

විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නියමය ඇතුළත් ගැසට් නිවේදනය අනුමතිය සඳහා හෙට (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය කෙරුණා.

මේ අනුව 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 2025.09.21 වැනිදා නිකුත් කළ අංක 2454/68 දරන ගැසට් පත්‍රයේ ජනාධිපතිවරයා විසින් විසින් කරන ලද ප්‍රකාශනය මෙසේ විවාදයකින් තොරව හෙට අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?