බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබද කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ,නීතිඥ හර්ෂණ නානායක්කාර හෙට (24) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ලබන 26 වැනිදා මෙම සමාලෝචන රැස්වීම පැවැත්වෙන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරින් මේ සඳහා සහභාගිවීමට නියමිත බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකාව 2016 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙක් ලෙස කටයුතු කරනවා.




