ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් දිනේෂ් කේ. ත්‍රිපාති, ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ඊයේ (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත සම්ප්‍රදායානුකූලව යුධ හමුදා සම්මාන මුර ගෞරවාචාරය පිරිනමනු ලැබුවා.

අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔහුට යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දෙනු ලැබුවා.

මෙම නිල සංචාරය අතරතුර දෙරට හමුදා ප්‍රධානීන් ද්විපාර්ශවික අන්‍යෝන්‍ය සහයෝගීතාවය, කලාපීය ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සාමය වර්ධනය කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවකද නිරත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?