ආයතනික භාරයේ සිටින ළමුන් සහ වීදි ළමුන්ට හිමි දීමනාවේ හිඟ ප්‍රතිලාභ ඔවුන්ගේ ගිණුම්වලට

ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000/-ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, ‘අර්ථ’ ලෙස නම් කරනු ලැබ ඇති එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිට ආරම්භ කර තිබේ.

‘අර්ථ’ වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව පවතින බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, ‘අර්ථ’ වැඩසටහනේ ප්‍රතිලාභ හිමිගැන්වීම ආරම්භ වන දිනය 2025‑01‑01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30