උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව රැස්වෙයි

උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස් වුණා.

ඒ, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින්

මෙම රැස්වීම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

රැස්වීමේ දී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.

මෙහි දී උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලීන අවශ්‍යතාවය අවධාරණය කරන ලද අතර, දැනට පවතින ප්‍රතිපත්තීන්, නීති සහ නියාමන රාමු සමාලෝචනය කර, නව යුගයේ අභියෝගයන්ට ගැළපෙන ආකාරයෙන් යාවත්කාලීන කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය අවධාරනය කළා.

සියලු උසස් අධ්‍යාපන සැපයුම්කරුවන් සඳහා විවෘත සහ ගුණාත්මක නියාමන රාමුවක් නිර්දේශ කිරීමේ වැදගත්කමත්, ජාතික සංවර්ධන ප්‍රමුඛතා හා ගෝලීය ප්‍රමිතීන් සමඟ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගමන සම්බන්ධ කරගැනීමේ වගකීමත් විශේෂයෙන් අවධාරණය කෙරුණා.

එමෙන්ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මෙම නව ජාතික ප්‍රතිපත්ති සමාලෝචනය හරහා මූලික මට්ටමේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති සංවර්ධන යෝජනා ගොඩනැගීමේ අරමුණ ඉටු කිරීමට පියවර ගත හැකි වනු බවත් ඇය ‍වැඩිදුරටත් පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57