නිධන් හාරමින් සිටි තරුණියක් පොලිස් දැලේ

ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇතිමලේ පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ඊයේ (21) පෙරවරුවේ සිදුකළ වැටලීමක දී මෙම සැකකාරිය කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි සැකකරුවෙකු පලා ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු‍ 29ක ගැමුණුපුර, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?