සංචාරක ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද (21) සමත් වුණා.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පරදා මෙම තරගය ජයගත්තේ ලකුණු 29 කින්.
දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 138ක් රැස් කිරීමට සමත් වුණා.
අනතුරුව ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 109කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.
එහිදී අසේනි තලගුණේ ලකුණු 15කට කඩුලු 02ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 17කට කඩුලු 02ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.
කණ්ඩායම් දෙක අතර ඊයේ (20) පැවති පළමු විස්සයි විස්ස තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළා.





